….සුදු මැණික වෙත….
දහස් පියවර තබා සරනා
අතරමං වී පාර සොයනා
විඩා පත්වී සිතකි මියෙනා
එහෙත් කිසිවක් ලොවකි නොදනා
මහ මෙරක් වූ දුක් කදුලු ලත්
මහ සයුර මෙන් වේදනා ලත්
සැනසුමක් මා ලොවෙන් නොලදත්
ලඳක් හමුවිය ලොවක් නොලදත්
වැටී පොලොවේ පස් නොවෙන්නට
නඟේ නුබ විත් දෑත දුනි මට
සිතේ දුක් ගිනි නිමා දැමු ඔබ
පාර කියදුනි දිවිගමන හට
දෑස වසා සිටි තිමිර ඝන පට
ඉරා දැමුවේ කෙලෙස එලෙසින
නුබෙ ප්රභා ආලෝක අභියස
අදුරෙ පැහැ මතකයෙන් ගොස් ඇත.
මිණි පරදනා දෑස් පොඩි ඔබෙ
රත් පැහෙන් පිරි කොපුල් පොඩි ඔබෙ
සිත සනසනා රන් පැහැය ඔබෙ
කරයි වත පුන් සඳක් මෙන් ඔබෙ
දිවිය නම් වූ මහ රකුසු ගඟ
තරනෙ කරනා මිනිසුන් ය අප
ගලන දිසා වෙත නොයනු මැන නුබ
නඟේ උඩු ගං බලා යනු මැන
සෑම දා මා ලගින් ඉද නුබ
මගේ දිවිමග සරසවනු මැන
සිතක් නිවනා මගේ රන්කද
නුබෙ නිමක් නැතිආලෙ දෙනු මැන.
-සුදු මැණික වෙත-
හරි ම ලස්සන නිර්මාණයක්.. ඉදිරියටත් මේ site එකට මේ වගේ නිර්මාණත් දාන්න. හරි වැදගත් රසාස්වාද ටිකත්..
ස්තූතියි! ඉදිරියටත් අප හා රැඳෙන්න! අනෙක් අයටත් දැනගැනීමට share කරන්න.
සුදු මැණික…. ලස්සන නිර්මාණයක්….
ස්තූතියි! ඉදිරියටත් අප හා රැඳෙන්න! අනෙක් අයටත් දැනගැනීමට share කරන්න.