සද්ධර්මරත්නාවලිය-විචාර ප්‍රශ්න 1​

සද්ධර්මරත්නාවලිය-විචාර ප්‍රශ්න 1

“සද්ධර්මරත්නාවලී කතා වස්තුවේ විශේෂත්වය වන්නේ වර්ණනාත්මක ශෛලියට නැඹුරු වූ බස් වහරක් යොදා ගැනීමයි.” නිර්දිෂ්ඨ කතා ඇසුරෙන් විමසන්න.

 

        දඹදෙණි යුගයේ රචිත සද්ධර්මරත්නාවලිය වූ කලී සුවිශේෂී නිර්මාණයකි.සද්ධර්මය නැමති මිණි කැට ඇමිණූ මාලය යනු එකී අදහසයි. නුවණ මද වුවද කුසලච්ඡන්දය ඇතිව ධර්මාවබෝධයට උපදෙස් ලද බණ දැන පිංකමෙහි හැසිර නිවන් සාදාගන්නවුන්ට මඟ පිණිස මෙය රචනා කරන ලදී. මෙහි සඳහන් මට්ටකුණ්ඩලී හා කුණ්ඩලකේශී කතා වස්තූන් වූ කලී සමාජ සංශෝදනය උදෙසා මහඟු පිටුවහලක් වෙයි. අදාළ අවස්ථාව නිරූපණය උදෙසා උචිත උපමා යොදා ගනිමින් මැනවින් භාෂාව හැසිරවීම උදෙසා කතුවරයා  තුළ තිබූ අපූරු දක්ෂතාවය මෙමඟින් ගම්‍ය වේ.

        කතා වස්තු විකාශනයේදී සෑම සිදුවීමක්ම දෙබසක්ම විස්තර සහිතව කීම, නිදසුනක් ලෙස අතීත කතා, උපමා කතා, ප්‍රස්තා පිරුළු බහුලවම කීම දැක්විය හැකිය. කතාවේ බොහෝ තැන් සෘජුවම වචනයෙන් විස්තර නොකිරීම, නිදසුනක් ලෙස කුණ්ඩලකේශී කතා කවස්තුව විකාශය වීමේදී පළමුව ධර්පෝපදේශ ලබා දී දෙවනුව කතාව විකාශනය වේ. මට්ටකුණ්ඩලී කතා වස්තුව ලිවීමේ අරමුණු ඉදිරිපත් කර ඇත්තේ,” තවද සෑදෑ ඇත්තවුන්ගේ සෑදෑ වඩනට නිසි වූ කතාවක් දක්වන්නමෝ යම් සේ චක්ඛුපාල තෙරුන් වෙදව උපන් ජාතියෙහි .. ඒ නිසා ලබන ලොවී ලොව්තුරු සැපත මට්ටකුණ්ඩලී වස්තුවෙන් දක්වමු.” යනුවෙනි.

        ඉතා කෙටියෙන් කුණ්ඩලකේෂී වස්තුව ඉදිරිපත් කර ඇත්තේ, “නිෂ්ප්‍රයෝජන කතාවෙන් ප්‍රයෝජන ලවයකුත් නැති නියාව හඟවන්නට කුණ්ඩලකේශී වස්තුව දක්වමු.” යනුවෙනි.

        සවිස්තරව විස්තර වර්ණනා, අර්ථ විවරණ සඳහා ඉතා දීර්ඝ විස්තර උපමා හා ප්‍රස්තාව එකම අවස්ථාව නිරූපණයට යොදා ගැනීම. එසේම අදින්නපුබ්බක බමුණාගේ ලෝභී කම අතීත ඉල්ලීස සිටු පුත්හුගේ කතාවට සම්බන්ධ කර කීම. කුණ්ඩලාභරණය සෑදූ අයුරු, තම එකම පුතාට බෙහෙත් දීමට වියදම් නොකොට බෙහෙත් දුන් අයුරු ආදී තැන් මීට නිදසුන්ය. එසේම කෙටියෙන් බොහෝ දේ කියා ඇත.

“රජගහනුවර එක් කොළොස් හැවිරිදි සිටු දුවණී කෙනෙක් විශිෂ්ට රූප ශොබාව ඇත්තාහ. ඉතා ප්‍රසාදවහයෝය.”

“ඕහට බත් මාළු පිසති කවති පොවති ඉස්සෝදවති නාවති”

        ධර්මසේන හිමියෝ තම රචනයේදී ගැමි සුවද විහිදෙන උපමා හා සංස්තික ග්‍රන්ථ වලින් ගත් උපමා ආදියද ඉදිරිපත් කර ඇත.

“නුග ගස මහත් වූවත් නුග ඵලය කුඩා වන්නා සේ”

“අකුරු ලියන්නට නොදන්නා කෙනෙකුත් පත්‍ර වල හිරි අදනා සේ”

“ඇස් සරහන්නට තොල් අදුන් ගාන්නා සේ.”

“පොල් ගසින් තල් පතන්නා සේ”

        සංස්කෘතික ග්‍රන්ථ වලින් ගත් උපමා වලට නිදසුන්,

“නකත්කරු පිරිවරා නික්මුණු සඳ පරිද්දෙන්”

“යුගදුරු මුදුනෙහි වොරජනා ලහිරු මඬල පරිද්දෙන්”

“රන් නැවක් මධ්‍ය කොට පිපී වැනෙන රන් නෙළුම් වනයක් සේ”

        ධර්මදේශනා කිරීමට හැකි සෑම අවස්ථාවකදීම කථා වස්තු විකාශනයට ගැළපෙන පරිදි, ශ්‍රාවක සිත් ගන්න පරිදි ධර්මදේශනා නිමකර ඇත. කථා වස්තු දෙකෙහිම මෙම ලක්ෂණය දැක ගත හැකිය. මට්ටකුණ්ඩලී කතා වස්තුවේ වර්ණනා චාතූර්යය වැඩියෙන් ඉදිරිපත් කර ඇත. ඒ අතර අතීත කතා මඟින් ඉදිරිපත් කරන අදහස තවත් තිවුණු කර ඇත.

යම් සේ චක්ඛුපාල තෙරුන් වෙදව උපන් ජාතියෙහි…

සුධාභෝජන ජාතකයෙහි…

කලන්දක ජාතකයෙහි ලේනාහගේ නගුම…

චුල්ලධනුග්ග ජාතකයෙහි දෙමව්පියන් පාවා දෙවාලූ…

ජවන හංස ජාතකයෙහි වඳුරුව උපන් බෝසතුන්…

නළ පාන ජාතකයෙහි වඳුරුව උපන් බෝසතුන්…

        කතාව විකාශනයේදී පන්සිල් රැකීමේ අනුහස්, පින් කිරීමේ අනුහස්, බුදුන් දැක සිත පහදවා ගැනීමේ අනුහස්, පහදවා ගැනීමෙන් උරුම වූ දිව්‍ය සැපත ගැන, අකුසල් කිරීමේ විපාක, මිත්‍යාෂ්ටිය නිසා සිදුවන අකුසල්ද සෑම පිනකටම සිත මුල් වන වබ කීමෙන්ද ධර්මසේන හිම්යන්ගේ ස්වතන්ත්‍රතාව පැහැදිලි වේ. කතාවස්තු විකාශනයෙදී ගාථා පාඨ ඉදිරිපත් කිරීම එක් ශෛලියකි. කුණ්ඩලකේශී වස්තුව මට්ටකුණ්ඩලී වස්තුවෙන් විවිධ අංශ වලින් අසමානය. සිද්ධි දාමය උපමා, ප්‍රස්තා පිරුළු ආදියෙන් කියන දේ සරලව බර නොකර කීම මට්ටකුණ්ඩලී වස්තුවේ දෙබස් මදකි. කුණ්ඩලකේශී වස්තුවේ සොරා හා සිටු දුව අතර දෙබස් වලින් කතාව විකාශනය කිරීම සජීවී බවක් දක්වයි.

        කුණ්ඩලකේශී වස්තුවේ පැතලි චරිත නොව සංකීර්ණ චරිත නිරූපණය කර ඇත. මට්ට්ටකුණ්ඩලී වස්තුවේඑ අත්භූත සිදුවීම් ඇත. සුරලොවට යාම ආපසු ඒම ආදී වශයෙනි. මේ ආකාරයට ධර්මසේන හිමිගේ ස්වත්‍රන්තතාව මැනවින් නිරූපණය වේ.

කිත්මිනී කෝරලගේ

සාන්ත පාවුලු බාලිකා විද්‍යාලය,

මිලගිරිය,

කොලඹ 05

ඔබගේ යාලුවන්ටත් Share කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *