මිනිසුන් යන එන එක ම තැනකි
ඒ අපේ සොඳුරු නවාතැන
ඉපදෙමින් මියයමින් යන ගමනේ
එක ම එක නවාතැනකි නවාතැන
සතුට හා දුක දෝලනය වන
පෙම්බර නිවහන නවාතැන
ජීවිතයේ මිහිරි ම තැන
මගේ සුන්දර නවාතැන
මිතුරන් සමඟින් කෙළි දෙලෙන්
ගත කළ තැන මගෙ නවාතැන
නව මිතුදම් හට තිළිණ පුද දුන්නු
මගේ සොඳුරුත ම නවාතැන
ආදරය කරුණාව දෙක ම මුසු වී තිබෙන
බැඳීම්වල මුල නවාතැන
නව දිවියක් අරඹා පැමිණෙන්නේ
මගේ සොඳුරුත ම නවාතැන තමයි
නිරුදක කතරේ ජීවය ලැබුමට
ඉඩ ලැබුණේ මගේ නවාතැනයි
ජීවිතයේ මිහිරි ම කාලය
ගෙවී ගියේ මගේ නවාතැනේ
යලි ඉපදේවා මතු සංසාරේ
මගේ සොඳුරුත ම නවාතැනේ