නිමක් නැති හේලි ප්රාර්ථනවෝ
ඉමක් නැති ස්නේහයක තවරා
මවක් වු නුඹ රැජිනියකි මට
රුවක් ඇති දෙව්ලියක් අඟනා…
දහක් කුසගිනි රසින් සනහා
නුඹේ කුසගිනි දියෙන් නිවුණා
සඳක් නග්න වු මගේ ලෝකය
නුඹේ එළියෙන් අඳුර නැසුණා…
කඳුලු අතරේ කඳුලෙ ඉපැදුනු
සුසුම් දහසක් මතින් හිනැහුනු
නුඹෙ එක් සිනහවෙන් සැනකින්
මගෙ දුක් සෝ සුසුම් වැසුණා…
ලියා නැති පෙම් කවක් සැකෙවින්
ගොතා නැති මුත් වදන් පෙළකින්
නුඹේ සෙනෙහේ පහස සඟැවුණු
කතා දහසක් නෙතේ ඇඳුණා…
-චතූර්යා විජේසූරිය-