ඉවුම් පිහුම් සිංහල රසකැවිලි හැලප(කැන්දකොල) May 15, 2020May 15, 2020 bimz 0 Comments හැලප(කැන්දකොල) අවශ්‍ය ද්‍රව්‍ය:-කුරක්කන් පිටි 400gපාන් පිටි 250gපොල් පැණි කෝප්ප 1 ½පොල් ගෙඩි 1ලුණු ස්වල්පයක්සාදන ක්‍රමය:-කුරක්කන් හා පාන්පිටි වෙන වෙනම හොඳින් හලාගන්න.ගාගත් පොල්, සීනි, වතුර, ලුණු තේ හැදි ½ පමණ භාජනයකට දමා ලිප තියා ගන්න.මේ සියල්ල කලවම් කරමින් පැණී නටන තෙක් උයාගන්න.මෙය හිදෙන්න නොදී දියර ගතිය තිබියදී ලිපෙන් ඉවත් කර හොඳින් නිවාගන්න.මෙම පැණි පොල් මිශ්‍රණයට කුරක්කන් හා පාන් පිටි ටික ටික දමමින් අතේ නොඇලෙන පදමට සකසා ගන්න.මෙයින් කුඩා බෝල සාදා කැන්ද කොල මත තබා තුනී කරන්න.අතේ විටින් විට ඇල් වතුර ගාගත් විට අතේ නොඇලී තුනී කරගත හැක.සාදාගත් කැන්දකොල 5-7 පමණ ස්ටීමරයේ තබා හුමාලයෙන් තම්බාගන්න. ඔබගේ යාලුවන්ටත් Share කරන්න.