දියණිය

දියණිය

ඔබ මා කුස තුළ තියාන
සිහින දැක්කෙමි නිරතුරුව
ඔබගේ රුව දුටුවිට මා
පෙම් කළෙමි අපමණ
පෙර පාසල වෙත පිය මනින ඔබ
පැමිණෙන තුරු මා මඟ බලා සිටියෙමි
අම්මේ කියා අමතමින් ඔබ
පැමිණ මා දෑඟිලිවල එල්ලී
සුරතල් සිනා පෑ සැටි සිහි වෙයි
 
ඔබට පෑ ආදරය මෙපමණයි කිව නොහැක
සුරතල් දියණියට තෑගි බෝග ද බොහෝ
රැගෙන දුන්නේ මා ඔබව සතුටු කරවන්නයි
රන් රිදී මුතු මැණික් සම කළ නොහැක ඔබට
සය අවුරුදු වූ විට ඔබට
අකුරු කිරීමට පාසල වෙත
පියමනින විට සිතෙහි හට ගත්තේ ආඩම්බරයකි
ඔබ උගත් තරුණියක් වනු දැක්ම මා සිතේ
ඇති එක ම අදිටනයි
 
විදු බිමෙන් සමුගෙන උසස් විදු බිම කරා
යොමු වූ ඔබ හට මගෙන් ඇති පලේ කිම් ද?
කුඩා කළ මා සමීපයේ සුරතල් වූ දියණියනි
කිම් ද මා අත අතැර ඉඟිලුනේ
තරුණයෙක් සමඟ ඔබ පෙමින් වෙලුන දා
ඉන් මුදා ගන්න මා වින්දේ අපමණ දුක් ය
ඔබේ අනාගතය සාරවත් කරන්නට
මා දැරූ වෙහෙස අපමණයි දියණියනි
 
සත්‍ය වටහාගෙන නැවත පැමිණෙන විට
ඉතිරි වූයේ මගේ සොහොන විතරයි දුවේ
මියන මොහොතේදිත් මා සිහි කළේ ඔබවමයි
සතුටින් හිඳිනු මැන දිවිය පුරා
සෑමදා ඔබ මගෙ සුරතලිය පමණයි

කිත්මිනී කෝරලගේ
සාන්ත පාවුලු බාලිකා විද්‍යාලය,
මිලාගිරිය,
කොලඹ 05.

ඔබගේ යාලුවන්ටත් Share කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *