අප්පච්චී….

අප්පච්චී...

තද ගති ඇති

මේ මහා කළුගල්

කෙලෙසක අරුමැති

කැටයම් වූයේ

එතරම් තියුණු….

ඒ මහා කළුගල

තුළම නොවේදැයි

මුදු ගති පෙනුණේ

 

කාශ්ටක පපු තුළ

ගිනි ගෙන දැවෙනා

ඒ මහා ගිනිදැල්

මතුපිට නොපෙනුණා

මුතු කඳුළැල්

නෙතු අඟින් මතුවුණා

දරු ශෝකෙන් යළි

කඳුළු වියැලුණා

 

අඳුරු පැල්පතේ

අඳුර දුරු කළ

පහන් එළියකි නුඹ,

පුංචි පැල්පතට

සත් සමුදුරු බර,

කරට පටවගෙන

කුලුණු හදින

වදන් මුද හළැ

සොඳුරු පියෙකි නුඹ

ලොවක් අගයන

-මල්ෂි විලාශා-

ඔබගේ යාලුවන්ටත් Share කරන්න.

One thought on “අප්පච්චී….

  • June 17, 2020 at 1:10 pm
    Permalink

    Lassanai malshiyo💪🏻🥰👌🏻

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *