Online ප්‍රශ්න පත්‍ර අ.පො.ස උ/පෙළ 2019 කලා සිංහල ප්‍රශ්න පත්‍ර 2019 A/L (නව නිර්දේශය) සිංහල Online බහුවරණ ප්‍රශ්න පත්‍රය June 16, 2020June 20, 2020 bimz 2 Comments 2019 A/L සිංහල බහුවරණ ප්‍රශ්න එක් එක් ප්‍රශ්නවලට වඩාත් ම ගැළපෙන පිළිතුර තෝරන්න. 1.1 සිංහල වර්ණ මාලාබෙහි එන 'ඕ' යන්න කුමන අක්ෂරයක් ද?1) කණ්ඨ තාලුජ2) දන්තෞෂ්ඨජ3) කණ්ඨජ4) කණ්ඨෞෂ්ඨජ5) තාලුජ 1.2 නිවැරදි අක්ෂර වින්‍යාසය සහිත පද පේළිය තෝරන්න.1. කන්කලු,වළාකුළු, දෘෂ්ඨිකෝණය, නිර්මාංස, නිස්සබ්ධ2. කන්කළු, වළාකුලු, දෘශ්ටිකෝණය, නිර්මාංෂ, නිශ්ශබ්ද3. කන්කලු, වලාකුලු, දෘස්ඨිකෝණය, නිර්මාංශ, නිෂ්ශබ්ද4. කන්කළු, වලාකුළු, දෘෂ්ටිකෝනය, නිර්මාංස, නිශ්ශබ්ද5. කන්කලු, වලාකුළු, දෘෂ්ටිකෝණය, නිර්මාංශ, නිශ්ශබ්ද 1.3 අකාරාදි පිළිවෙල අනුව නිවැරදි බව ලියා ඇති පද පේළිය තෝරන්න.1) පතෝල, වම්බටු, නිවිති, තම්පලා2) කරවිල, පිපිඤ්ඤා< බෝංචි, මෑකරල්3) වට්ටක්කා, පුහුල්, දඹල, ගොටුකොළ4) කතුරුමුරුංගා, කොහිල, තුඹ, තිබ්බටු5) කොස් ඇට, කංකුන්, කැරාට්, මුකුණුවැන්න 1.4 පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් නිරවද්‍ය ප්‍රකාශය තෝරන්න.1) වචනයක ආරම්භක අක්ෂරය සේ විසර්ගය යෙදේ.2) විසර්ගය ස්වරයකට පසු ව පමණක් යෙදේ.3) විසර්ගය ලිවීමේ දී ':' ට පූර්වයෙන් 'අ' යන්න යෙදී තිබීම අනිවාර්ය ය.4) විසර්ගය ව්‍යඤ්ජනයකට පසු ව පමණක් යෙදේ.5) අනුස්වාරය හා විසර්ගය සැම විට ම වචනයක එක සමීපයෙහි යෙදේ. 1.5 එකිනෙකට අනුරූප වන සේ වචන යුගල යෙදී ඇති වරණය තෝරන්න.1) විදුලිය ආලෝකය, භාණ්ඩ සමීක්ෂණය, සංවාද මණ්ඩපය, සම්මන්ත්රණ ශාලාව2) අයවැය විවාදය, දේශීය ආර්ථිකය, අවුරුදු උලෙළ, වාසනා මන්දිරය3) ප්‍රජා අයිතිය, මූල්‍ය කළමනාකරණය, පාරිභෝගික අධිකාරිය, සංවර්ධන ඉලක්ක4) දුම් පරීක්ෂණය, පතාල ලෝකය, උයන් කෙළිය, පරිසර විනාශය5) සමාජ අසාධාරණය, මූලධර්ම වාදය, ත්‍රිපිටක අභිවන්දනය, දේශපාලන විචාරකයා 1.6 තත්සම පද පමණක් යෙදී ඇති වරණය කුමක් ද?1) ආභරණ, දෙරණ, උපකරණ, වාරණ2) ශාලා, ජාලා, ලූලා, මාලා3) නිර්ධන, නිර්ගුණ, නිර්මල, නිර්මාණ4) සකල, සුලකළ, විකල, අකාල5) සුමධුර, සුධවල, සුසංවර, සුපෙම්බර 1.7 තද්භව වචන පමණක් අන්තර්ගත වරණය තෝරන්න.1) සසර, මිතුර, කතර, උත්තර2) පියන, රියන, නයන, වියන3) පුත්, නෙත්, පත්, ගත්4) මව, නැව, භව, පව5) සුදු, බුදු, මෘදු, කුදු 1.8 'යව්, කු, ප, න' යන වර්ගයන්ට අයත් අව්‍යය සමාස පද පිළිවෙළින් දක්වා ඇති වරණය තෝරන්න.1) සුසැදි, කුමන්ත්‍රණ, අනියම්, අනුමෝදනා2) අනියම්, කුමන්ත්‍රණ, සුසැඳි, අනුමෝදනා3) අනුමෝදනා, සුසැදි, අනියම්, කුමන්ත්‍රණ4) සුසැදි, අනුමෝදනා, කුමන්ත්‍රණ, අනියම්5) අනුමෝදනා, කුමන්ත්‍රණ, සුසැදි, අනියම් 1.9 කෘදන්තයක් නොවන පදයක් අන්තර්ගත වරණය තෝරන්න.1) සරන, දරණ, කරන, වරන2) සිතූ, ගෙතූ, පැතූ, එතූ3) සෑරෙන, පෑරෙන, තේරෙන, වැමෑරෙන4) බාදන, වාදන, ඡේදන, වේදන5) පැළිලි, බැලිලි, හැළිලි, දිලිලි 1.10 පහත සඳහන් උද්ධෘතවල තද රතු අකුරෙන් මුද්‍රිත පද අයත් ක්‍රියා වර්ගය පිළිවෙළින් දක්වා ඇති වරණය තෝරන්න.(අ) “දමාලා යන නරක කුණු කය ...(ආ) “වයව තත් සිඳ සිඳ"(ඉ) “එදා සහසකර පහනෙව් කරත හෙළි”(ඊ) “අව්වේ තියෙන රැස්මාලා අඩු වේවා!”1) අසම්භාව්‍යක්‍රියා, විධික්‍රියා, පූර්වක්රියා, ආශීර්වාදක්රියා2) පූර්වක්රියා, විධික්‍රියා, අසම්භාව්‍යක්‍රියා, ආශීර්වාදක්රියා3) විධික්‍රියා, අසම්භාව්‍යක්‍රියා, ආශීර්වාදක්රියා, පූර්වක්රියා4) පූර්වක්රියා, අසම්භාව්‍යක්‍රියා, විධික්‍රියා, ආශීර්වාදක්රියා5) විධික්‍රියා, පූර්වක්රියා, අසම්භාව්‍යක්‍රියා, ආශීර්වාදක්රියා 1.11 තද්ධිතයක් නොවන පදයක් අන්තර්ගත වරණය තෝරන්න.1) දාරුමය, රජතමය, පිළිමය, වජ්රමය2) අද්‍යතන, නූතන, සදාතන, මධ්‍යතන3) මාධුර්ය, සාමර්ථ්‍ය, ධෛර්ය, සාකල්‍ය4) ගුණවත්, ධනවත්, බලවත්, නැණවත්5) මිත්තණි, දියණි, මෑණි, නැන්දණි 1.12 උපසර්ගයක් යෙදි නැති පදයක් සහිත පද පේළිය තෝරන්න.1) දුෂ්කර, දුශ්ශීල, දුෂ්පෝෂණ, දුස්සාධ්‍ය2) නිදොස්, නිවහල්, නිතරග, නිකැලැල්3) පබල, පමොද, පබඳ, පබොද4) නිරවශේෂ, නිරාගමික, නිරාමිෂ, නිරපේක්ෂ5) සුලලිත, සුරිඳු, සුමිතුරු, සුචරිත 1.13 නිපාතයක් නොචන පදයක් අන්තර්ගත වරණය තෝරන්න.1) අන්න, මෙන්න, අතන, මෙතන2) කල්හි, සඳ, පටන්, තෙක්3) සඳහා, වෙනුවෙන්, පිණිස, විනිස4) සේ, එව්, බඳු, වැනි5) හෙවත්, නොහොත්, වනාහි, වූකලි 1.14 “මගී ජනතාවගේ ගමනාගමන කටයුතු ප්‍රවර්ධනයට නිලධාර්හු විධිමත් පියවර ගනිති” යන වාක්‍යයෙහි වචන යෙදී ඇති පිළිවෙළ අනුව තද රතු අකුරෙන් ඇති පද අයත් වන්නේ කුමන ව්‍යාකරණ අංගවලට ද?1) සන්ධි, උපසර්ග හා තද්ධිත2) උපසර්ග, සන්ධි හා තද්ධිත3) සන්ධි, තද්ධිත හා උපසර්ග4) තද්ධිත, උපසර්ග හා සන්ධි5) උපසර්ග, තද්ධිත හා සන්ධි 1.15 සමාන ව්‍යාකරණ ලක්ෂණ නිරූපණය කරන ක්‍රියා රූප සහිත වරණය තෝරන්න.1) සැරසුවා ය, මතුළා ය, වැනසුවේ ය, ඇඹරුවා ය2) නටද්දී, කියද්දී, මුමුණද්දී, දැමුවොත්3) සරසනුව, ලියනුව, පමුණුව, තබනුව4) තළවයි, සාදවයි, බලවයි, පාගවයි5) කළේ ය, බැලුවේ ය, දැම්මා ය, දුන්නේ ය 1.16 සමාසයක් නොවන පදයක් ඇතුළත් වරණය තෝරන්න.1) අහසපොළොව, ධනධාන්‍ය, වැව්මුහුද, පිඟන්කෝප්ප2) අනුචිත, අනාගත, අනපේක්ෂිත, අනුල්ලංඝනීය3) විනිසකරු, ගොපල්ලා, කම්කරු, අතවැසි4) දුදන, දුසිරිත්, දුබල, දුලබඇත්ගාල, රජඅණ, ළමාලොව, සර්පවිෂ 1.17 එක ම වර්ගයට අයත් සන්ධි පද අන්තර්ගත වරණය තෝරන්න.1) පොල්ලත්ත, පත්තිරු, ගොක්කොළ, නිල්ලභස2) විවේකාගාරය, ජලාපවහන, රූපකාලංකාරය, ජාතිකෝත්සවය3) පුරගන, නරඟන, දෙවඟන, ගවඟන4) නරනිඳු, බමරිඳු, කෙසරිඳු, තෙරිඳු5) දෑස, දෑවර, දෑළ, දෑඟිලි 1.18 ව්‍යාකරණානුකූල ව නොගැළපෙන පදයක් ඇති වරණය කුමක් ද?1) පෙම්ගඟුල, හදවිමන, කිතුගොස, සෝගින්න2) පූජෝත්සව, මහෝපාධ්‍යාය, අවස්ථෝචිත, මහෝත්තම3) අධිකතර, පාපතර, යෝග්‍යතර, ජ්යෙෂ්ඨතර4) නියත, කියත, විරිත, සිරිත5) පෑ, දැ, නෑ, කෑ 1.19 ව්‍යාකරණානුකූල ව නිවැරදි වැකිය තෝරන්න.1) කේයස් නොහොත් සාගර පලන්සූරිය සුදෝසුදු කාව්‍යය රචනා කළේ ය.2) රාජ්‍ය නායකයන් රටක ආදර්ශවත් ව හැසිරිය යුත්තාහ.3) විශ්වවිද්‍යාලය ශිෂ්‍යයෝ බොහෝ වචිට විශ්වවිද්‍යාලයේ නැත.4) මානව හිමිකම් සම්බන්ධ නීතීහු කලින් කල වෙනස් වෙයි.5) ජනාධිපතිතුමා විසින් විද්වතකු රාජ්‍ය සම්මානයෙන් පුදන ලදි. 1.20 ලේඛන ව්‍යවහාරයට වඩාත් සුදුසු වාක්‍යය සහිත වරණය තෝරන්න.1) දැන් ඒ ගොල්ලො සමාගමේ ලොක්කො වෙලා ද?2) අනුන්ට දොස් නො කියා තම රාජකාරිය ඉටු කිරීම මැනවි.3) දඹුල්ල පැත්තේ මං පහරන්නො කට්ටියක් ඉන්නව ලු,4) ඒ ළමයා උදේ හිටන් අවේිවෙ වැඩ කොරන්නෙ5) කිව්වත් වාලෙ උන්දැ ගෙදරට ම ඇවිල්ල නොවැ. නම විද්‍යුත් ලිපිනය Time is Up! ඔබගේ යාලුවන්ටත් Share කරන්න.
nuwanJune 16, 2020 at 7:43 pmPermalink Niyamai… Mekanam harima watinawa… Asai papers karannath.. Digatama karan yanna.. 👍👍 Reply
Sandun Ishara MaxxJune 19, 2020 at 8:53 pmPermalink මේ දේ හොදටම හොදා මොකද අනික් ඒවා වල ප්‍රශ්න විතරයි ලිව්වට වැඩක් නෑ මොකද සර්ල හොයන්න ඔනේ පේපර් බලන්න Reply
Niyamai… Mekanam harima watinawa… Asai papers karannath.. Digatama karan yanna.. 👍👍
මේ දේ හොදටම හොදා මොකද අනික් ඒවා වල ප්‍රශ්න විතරයි ලිව්වට වැඩක් නෑ මොකද සර්ල හොයන්න ඔනේ පේපර් බලන්න